කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ සිට මඩකලපුව බලා ඉන්ධන ප්රවාහනය කළ දුම්රියක වන අලි රංචුවක් ගැටී තිබෙනවා.
මින්නේරිය සහ හිගුරක්ගොඩ දුම්රිය ස්ථාන අතර ප්රදේශයක දි අද අලුයම 3.30ට පමණ මෙම අනතුර සිදුව තිබෙනවා.
ඉන් දුම්රියේ ඉන්දන ටැංකි හතරක් පිළි පැන ඇති අතර ඉන් දෙකක් පෙරළි ගොස් ඇති බව වාර්තා වෙනවා.
එමෙන් ම දුම්රිය එන්ජිම සහ නියාමකවරයා ගමන්කරන මැදිරිය ද පිළි පැන ඇති බවයි වාර්තා වන්නේ.
සිදු වූ අනතුරින් වන අලියෙකු මිය ගොස් ඇති අතර තවත් වන අලි කිහිප දෙනෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා.
එමෙන් ම ඉන්ධන ප්රවාහන තෙල් ටැංකි පෙරලීමෙන් දුම්රිය මාර්ගයට ද දැඩි හානි සිදු වී තිබෙනවා.
මේ වන විට මඩකලපුව කොළඹ ප්රධාන මාර්ගයේ දුම්රිය ධාවනය සම්පූර්ණයෙන් නැවතී ඇති අතර අද උදෑසන කොළඹ කොටුව සිට මඩකලපුව බලා ධාවනය වීමට නියමිතව තිබු දුම්රිය සහ මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිතව තිබු දුම්රීන් දෙක අවලංගු කර කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණා.