
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස වැඩභාර ගෙන තිබෙනවා.
ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේඛම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක මහතා අද දින ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ඒ මහතා වෙත භාර දී තිබෙනවා.
ඔහු එම තනතුරට පත්කරන ලද්දේ ජ්‍යෙෂ්ඨ මහචාර්ය සම්පත් අමරතුංග මහතා පසුගියදා එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුවයි.
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා 1990 දී කැලණිය විශ්වවිද්‍යාලයෙන් රසායනික විද්‍යාව පිළිබඳ උපාධිය හිමිකර ගෙන තිබෙනවා.
ඔහු සිය ආචාර්ය උපාධිය ඇමෙරිකාවේ ඩෙට්‍රොයිට්හි Wayne State විශ්වවිද්‍යාලයෙන් සම්පූර්ණ කර තිබෙනවා.
කපිල සෙනෙවිරත්න මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ රසායනික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා ලෙස කටයුතු කරනවා.