/
/
title icon
HPV එන්නත නිසා රෝහල්ගත කෙරුණු සිසුවියන් සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යංශය කරුණු පැහැදිලි කරයි
HPV එන්නත නිසා රෝහල්ගත කෙරුණු සිසුවියන් සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යංශය කරුණු පැහැදිලි කරයි
Presila Sandaruwani
4 months ago
Share:
HPV එන්නත නිසා රෝහල්ගත කෙරුණු සිසුවියන් සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යංශය කරුණු පැහැදිලි කරයි

ගැබ්ගෙල පිළිකා ඇතිවීමේ අවදානම අවම කිරීම සඳහා ඇති HPV එන්නත ලබාගැනීමෙන් පසු කළුතර දිස්ත්‍රික්කයේ විදුහලක සිසුවියන් පස් දෙනෙකු රෝහල්ගත කිරීම සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යංශය කරුණු දක්වා තිබෙනවා.

අදාළ ශිෂ්‍යාවන් පස් දෙනාට උදර වේදනාව, ඔක්කාරය, හිසරදය ඇතුළු රෝග ලක්ෂණ ඇතිවීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පසුගියදා පළ වූ මාධ්‍ය වාර්තාව පිළිබඳව අනිසි කැළඹීමක් ඇතිකර ගැනීම සුදුසු නොවන බව නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කරනවා.

එම සිසුවියන්ට කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර ලබා දී ඇති අතර ඔවුන් මේ වන විට ස්ථාවර තත්ත්වයේ පසුවෙන බව ද සඳහන් කර ඇති සෞඛ්‍ය අමාත්‍යාංශය මෙවැනි සුළු අතුරු ආබාධ කෙටි කාලීන වන බවත් ඒවාට අනිසි බියක් හෝ කැළඹීමක් ඇතිකර ගත යුතු නොවන බවත්  දැනුම් දී තිබෙනවා.

එන්නත් ලබාදීමේ දී දරුවන් තුළ ඇතිවන බිය නිසා සුළු ක්ලාන්ත තත්ත්වයන් මෙන් ම මෙවන් අතුරු ආබාධ ද සාමාන්‍යයෙන් පාසල් එන්නත් වැඩසටහන්වල දී දක්නට ලැබෙන බව ද අදාළ නිවේදනයේ තව දුරටත් සඳහන්.

කෙසේවෙතත් විධිමත් ක්‍රියාදාමය යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් එහි සඳහන් වනවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required