/
/
title icon
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
Wasana Wickramasingha
4 months ago
Share:
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

2017 අංක 24 දරණ දේශිය ආදායම් පනතට අනුව මසකට රුපියල් ලක්ෂයකට වැඩි හෝ වසරකට රුපියල් ලක්ෂ 12 කට වැඩි ආදායම් ලබන්නන් බදු ගෙවිය යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම වාර්ෂික අදායම හෝ ලාභය රුපියල් ලක්ෂ 12ට අඩු පුද්ගලයින් ආදායම් බදු ගෙවිය යුතු නොවන බවත් එම නිවේදනයේ සඳහන්.

කෙසේ වෙතත්, තමාගේ ආදායම පිළිබඳව ප්‍රකාශිත වාර්තාවක් මාර්ගගත ක්‍රමය භාවිත කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ඒ අනුව, නොවැම්බර් 30 වනදාට පෙර 2023/2024 තක්සේරු වර්ෂය සදහා ආදායම් වාර්තා ඉදිරිපත් කළ යුතු පුද්ගලයන් ඒවා මාර්ගගතව ඉදිරිපත් කළ යුතු වනවා.

මේ වන විට 2023/2024 තක්සේරු වර්ෂය සදහා ආදායම් වාර්තා ඉදිරිපත් කළ යුතු පුද්ගල සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව 534,696 කින් ඉහළ ගොස් තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required