
රජය විසින් භාණ්ඩ වර්ග 5ක් සඳහා අලුතින් විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනවා ඇති බවට සිදුකෙරෙන ප්‍රචාරයන් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි සඳහන් කර ඇත්තේ, 2023 ඔක්තෝබර් මස 14 වන දින 2353/77 දරන ගැසට් නිවේදනයේ වසරක වලංගු කාලය 2024 ඔක්තෝබර් මස 13 දිනයෙන් අවසන් වූ බැවින්, එය නැවත 2024 දෙසැම්බර් මස 31 දින දක්වා එලෙසම දීර්ඝ කිරීමට අංක 2406/02 දරන ගැසට් නිවේදනය මඟින් කටයුතු කර ඇති බවයි.
ඒ අනුව, රජය විසින් නව බදු පැනවීමක් සිදුකර නොමැති අතර, ආනයනික පරිප්පු සඳහා පැවති සහනදායි ශත 25ක් වූ බද්ද එලෙසම ක්‍රියාත්මක කර ඇති බව සඳහන්.
එසේම, දේශීය ධීවර කර්මාන්තය සහ පළතුරු වගාව ආරක්ෂා කිරීමේ පරමාර්ථයෙන් අනෙකුත් භාණ්ඩ 04 සඳහා පැවති බදු අනුපාන එලෙසම දීර්ඝ කර ඇති බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරනවා.
මෙම පනත යටතේ ගැසට් නිවේදනයන් වසරක කාලයක් සඳහා නිකුත් කළ ද, මෙරට බදු පිළිබඳව විධිමත් ලෙස අධ්‍යනය කොට 2024.12.31 දින දක්වා පවතින බදු ප්‍රමාණ එලෙසම පවත්වා ගැනීමට තීරණය කළ බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.