/
/
title icon
බෝම්බ බියක් නිසා ගුවනට නැගුණු ඉන්දීය යානයක් කටුනායකට හදිසියේ ගොඩ බස්වයි
බෝම්බ බියක් නිසා ගුවනට නැගුණු ඉන්දීය යානයක් කටුනායකට හදිසියේ ගොඩ බස්වයි
Editor
4 months ago
Share:
බෝම්බ බියක් නිසා ගුවනට නැගුණු ඉන්දීය යානයක් කටුනායකට හදිසියේ ගොඩ බස්වයි

බෝම්බ බියක් හේතුවෙන් ඉන්දියාවේ "විස්ටාරා" ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත හදිසි ගොඩබෑමක් සිදුකර තිබෙනවා. 

මගීන් 96 දෙනෙකුගෙන් සහ කාර්යය මණ්ඩලයේ 8 දෙනෙකුගෙන් සමන්විත මෙම ගුවන් යානය මුම්බායි නුවර සිට ගමන් ආරම්භ කර ඇති අතර, යානයේ බෝම්බයක් පවතින බවට ලද තොරතුරක් හේතුවෙන් මෙලෙස හදිසි ගොඩබෑමක් සිදුකර ඇති බව සඳහන්‍.

මේ වනවිට එහි සිටි මගීන් සහ කාර්යය මණ්ඩලය ඉවත් කර යානය පරීක්ෂා කිරී‌මේ කටයුතු සිදු කෙරෙන අතර, ඊට බෝම්බ නිෂ්ක්‍රිය අංශය සහ යුද හමුදා කොමාන්ඩෝ බළකාය කැඳවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා කියා සිටියා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required