
රුපියල් මිලියන 250ක පමණ වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ඒමට තැත්කළ පුද්ගලයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මැලේසියානු ගුවන් සේවයේ MH 179 දරණ ගුවන් යානයෙන් මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට ඊයේ රාත්‍රියේ ගුවන් තොටුපොළට ළඟා වූ පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා කියා සිටියේ.
රේගුවට කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති මගීන් පිටවන හරිත මාර්ගයෙන් පිටව යාමට සැකකරු උත්සාහ දරා තිබූ අතර, රේගු නිලධාරීන් විසින් ඔහු පරීක්ෂා කිරීමේ දී තේ කොල අඩංගු ඇසුරුම්වල සුක්ෂම ලෙස සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10යි ග්‍රෑම් 179ක තොගයක් සොයාගෙන තිබෙනවා.
එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 250ක් පමණ වන බවයි රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
35 හැවිරිදි දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි සැකකරු වැඩිදුර විමර්ශනය සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යාංශයට භාරදීමටයි පියවර ගෙන ඇත්තේ.





