
තමන් සතුව පවතින පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශන වාර්තාවල ඇමුණුම් ලබාදීමට දිනයක් සහ වේලාවක් වෙන්කර දෙන ලෙස ඉල්ලමින් අමාත්‍ය විජිත හේරත් මහතාට ලිපියක් යොමු කළ බව සර්වජන බලය පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක උදය ගම්මන්පිල මහතා පවසනවා.
ජනාධිපතිවරණයට පෙර පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන හෙළි කළ යුතු බව පැවසූ ආණ්ඩුව, බලයට පත් වූ පසු එය සිදු නොකිරීම ගැටලුවක් බව ද උදය ගම්මන්පිල මහතා පෙන්වා දෙනවා.
කෙසේ වෙතත්,ජාතික ආරක්ෂාවට සංවේදී කිසිම ඇමුණුමක් ප්‍රසිද්ධ නොකරන බව සහ කොමිෂන් වාර්තා පමණක් ප්‍රසිද්ධ කරන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටිනවා.