
හලාවත - සිංහපුර ප්‍රදේශයක නිවසක හටගත් ගින්නකින් එකම පවුලේ තිදෙනෙකුගේ මියයාමේ සිදුවීම ඝාතනයක් විය හැකි බවට පොලීසිය සැක පළ කරනවා.
හලාවත මූලස්ථාන පොලීසිය විසින් විශේෂ විමර්ශනයක් ඒ පිළිබඳ ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා කියා සිටියේ.
හලාවත - සිංහපුර ප්‍රදේශයේ දෙමහල් නිවසක ගින්නක් හටගෙන ඇති බවට පොලීසියට අද උදෑසන තොරතුරක් ලැබී තිබූ අතර, පොලීසිය සහ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් එහි ගොස් ගින්න නිවා දමා තිබෙනවා.
පසුව නිවසේ තිබී තිදෙනෙකුගේ මළසිරුරු සොයාගනු ලැබුවා.
එලෙස මියගොස් තිබුණේ වයස අවුරුදු 51ක් වන නිවෙස් හිමියා, 44 හැවිරිදි ඔහුගේ බිරිඳ සහ ඔවුන්ගේ 15 හැවිරිදි දියණියයි.
මවගේ මළ සිරුර නිවසේ පහත මාලයේ නිදන කාමරයේ ඇඳ මත තිබී සොයාගැණුනු අතර පොලීසිය සඳහන් කළේ ඇගේ ගෙල කපා දමා තිබූ බවයි.