
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පරිහරණය සහ ආරක්ෂක කටයුතු වෙනුවෙන් යොදවා ඇති නිල රථ සම්බන්ධයෙන්, මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයේ දැක්වෙන්නේ ඒ මහතා භාරයේ පවතින බවට දක්වා ඇති වාහන සම්බන්ධයෙන් වන තොරතුරු නිවැරදි නොවන බවයි.
කෙසේ වෙතත්, මහින්ද රාජපක්ෂ මහතාගේ පරිහරණය සහ ආරක්ෂාව වෙනුවෙන් යොදවා ඇති නිල රථ 06න් 03ක් ජනාධිපති ලේකම් කාර්යාලය ලබාදී තිබූ ලිඛිත උපදෙස් ප්‍රකාරව, එළැඹෙන 21 වෙනි සඳුදා නැවත භාරදීමට කටයුතු සම්පාදනය කර ඇති බව ද අදාළ මාධ්‍ය නිවේදනයේ දැක්වෙනවා.