/
/
title icon
ඊළඟ අගමැති පිළිබඳව විජිත හේරත්ගෙන් ප්‍රකාශයක්
ඊළඟ අගමැති පිළිබඳව විජිත හේරත්ගෙන් ප්‍රකාශයක්
Wasana Wickramasingha
4 months ago
Share:
ඊළඟ අගමැති පිළිබඳව විජිත හේරත්ගෙන් ප්‍රකාශයක්

මහමැතිවරණයෙන් පසුව පත්වන ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරිය වත්මන් අගමැති ආචාර්ය හරිනි අමරසූරිය බව අමාත්‍ය විජිත හේරත් පවසනවා.

ඔහු මේ බව පැවසුවේ කොළඹ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී මාධ්‍යවේදීන් විමසා සිටියේ ඉදිරියේදී දේශපාලනයේ සිදුවන වෙනස් වීම් මොනවාද යන්න පිළිබඳයි.

එයට පිළිතුරු ලබා දෙමින් අමාත්‍ය විජිත හේරත් කියා සිටියේ ඉදිරියේදී බොහෝ වෙනස් වීම් සිදුවීමට නියමිතව ඇති අතර
නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය ද 25 කට සීමා වන බවයි.

එමෙන්ම, ඉදිරි වසර සඳහා දෙසැම්බර් මාසයේදී අතුරු අයවැයක් ඉදිරිපත් කිරීමට සූදානම් බවද ඔහු කියා සිටියා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required