/
/
title icon
ව්‍යාජ ෆේස්බුක් පිටුවක් පිළිබඳ අනතුරු ඇඟවීමක්
ව්‍යාජ ෆේස්බුක් පිටුවක් පිළිබඳ අනතුරු ඇඟවීමක්
Wasana Wickramasingha
4 months ago
Share:
ව්‍යාජ ෆේස්බුක් පිටුවක් පිළිබඳ අනතුරු ඇඟවීමක්

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල නමින් සැකසූ නිල නොවන ෆේස්බුක් පිටුවක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇතැයි ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගම පවසනවා.

එම සමාගම නිවේදනය කළේ, ඒ හරහා හිමිකරුවන් නොමැති ගමන්මලු විකිණීමට ඇතැයි පවසමින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමක් සිදුවන බවයි.

ඒ අනුව, විවිධ භාණ්ඩ සහ විද්‍යුත් උපකරණ සහිත ගමන් මල්ලක මිල, රුපියල් 639 ක් ලෙස සටහන් කරමින් ව්‍යාජ දැන්වීම් සැකසීම පිළිබඳ අනාවරණය වී තිබෙනවා.

මෙලෙස ප්‍රචාරය වන තොරතුරු කිසිසේත්ම සත්‍ය නොවන බවත්, කිසිඳු ආකාරයකින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල මගින් ගමන් මලු අලෙවි කිරීමක් සිදුනොකරන බවත්, ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගම අවධාරණය කරනවා.

එම සමාගම වැඩිදුරටත් ජනතාවට දැනුම් දෙන්නේ, එවැනි වංචනික ක්‍රියාවලට හසු නොවන ලෙසයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required