
පසුගිය ජනාධිපතිවරණයට වඩා මෙවර මහ මැතිවරණය සඳහා ඉල්ලුම්කර ඇති තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඉදිරිපත්ව ඇති තැපැල් ඡන්ද අයදුම්පත් සියල්ල මේ වනවිට මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති බවයි.
තැපැල් ඡන්දදායකයින් 712,319 දෙනෙකු පසුගිය ජනාධිපතිවරණය සඳහා තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා තිබුණා.
මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම ඔක්තෝබර් 30, නොවැම්බර් 01 සහ 04 යන දිනවලදී සිදුකිරීමටයි සැලසුම් කර ඇත්තේ.
අදාළ දින වල ඡන්දය භාවිත කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද දායකයින්ට නොවැම්බර් 07 සහ 08 යන අතිරේක දිනවලදී ඡන්දය භාවිත කිරීමට අවස්ථාව පවතිනවා.