/
/
title icon
පළාත් කිහිපයකටම අද තද වැසි
පළාත් කිහිපයකටම අද තද වැසි
Wasana Wickramasingha
4 months ago
Share:
පළාත් කිහිපයකටම අද තද වැසි

අද දිනයේ උතුරු පළාතේ ප්‍රදේශ රැසකට විටින් විට වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටිනවා.

එසේම බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව ද එම නිවේදනයේ සඳහන්.

ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු විය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩි දුරටත් ඉල්ලා සිටින්නේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required