/
/
title icon නීති විරෝධීව ගිනි අවි නිෂ්පාදනය කළ කම්හලක් සූරියවැවෙන් හමුවෙයි
නීති විරෝධීව ගිනි අවි නිෂ්පාදනය කළ කම්හලක් සූරියවැවෙන් හමුවෙයි
Wasana Wickramasingha
1 month ago
Share:
නීති විරෝධීව ගිනි අවි නිෂ්පාදනය කළ කම්හලක් සූරියවැවෙන් හමුවෙයි

විශේෂ කාර්ය බලකාය හම්බන්තොට කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව හම්බන්තොට කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මෙහෙයවීම මත,හම්බන්තොට කඳවුරේ අණ දෙන නිලධාරී පොලිස් පරීක්ෂක යු.ජි.එස්. පුෂ්පකුමාර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සුරියවැව ප්‍රදේශයේ වැටලීමක් සිදුකර තිබෙනවා.

එහිදී, නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය ගිනි අවි නිෂ්පාදනය කම්හලක් වටලා ඇති අතර මෙරට නිෂ්පාදිත T කටස් වර්ගයේ ගිනි අවියක්, අඩක් සාදා නිම කරන ලද ගිනි අවියක කොටස් හා තවත් අවි කොටස් ඇතුළු උපකරණ රැසක් සොයා ගැනීමට හැකි වී තිබෙනවා.

මෙම සිදුවීමට අදාළව සුරියවැව, වැවේගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 33 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහුව සූරියවැව පොලිස් ස්ථානය වෙත යොමු කර ඇති බව වාර්තා වෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required