/
/
title icon
විභාග කොමසාරිස්වරයාට එරෙහිව ගුරු සංගම් වෙතින් චෝදනාවක්
විභාග කොමසාරිස්වරයාට එරෙහිව ගුරු සංගම් වෙතින් චෝදනාවක්
Wasana Wickramasingha
4 months ago
Share:
විභාග කොමසාරිස්වරයාට එරෙහිව ගුරු සංගම් වෙතින් චෝදනාවක්

වත්මන් විභාග කොමසාරිස් ජනරාල්වරයාගේ කාලයේදී අතිශය බරපතළ විභාග වංචා දෙකක් සිදුව ඇති බව ලංකා ගුරු සංගමය පවසනවා.

අදාළ වංචාවලට නිසි පියවර නොගැනීම හේතුවෙන් කොමසාරිස්වරයාව තනතුරින් ඉවත් කළ යුතු බවයි, එම සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අනුරාධපුරයේදී අදහස් දක්වමින් ප්‍රකාශ කළේ.

විභාග වංචාවලට සම්බන්ධ බවට චෝදනා ලැබූවන්ගේ විභාග රාජකාරී අත්හිටුවීම හැර වෙනත් කිසිම ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවට මෙහිදී චෝදනා මතුව තිබෙනවා.

මීට අමතරව, 2015 වසරේ සිට මේ දක්වා ද බරපතළ ගණයේ විභාග වංචා 439ක් සිදුව ඇති අතර, ඒ වෙනුවෙන් ද ලබාදී ඇති උපරිම දඬුවම විභාග රාජකාරී තහනම් කිරීම බවයි, ලංකා ගුරු සංගමය අවධාරණය කරන්නේ.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් වන චෝදනා සියල්ල විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required