/
/
title icon අනාගතය වෙනස් කරන රොකට් ගොඩබෑම.
අනාගතය වෙනස් කරන රොකට් ගොඩබෑම.
Thisara Rajapaksha
22 hours ago
Share:
අනාගතය වෙනස් කරන රොකට් ගොඩබෑම.

රොකට් තාක්ෂණයේ ආරම්භය 9වන සියවසේ දී චීනයේ ගන්පවුඩර් සොයා ගැනීම දක්වා ඉතිහාසයකට දිව යයි.එය චීන යුද්ධ ඉංජිනේරුවන්, ගන්පවුඩර් ඉරියම් වලට පිරවුනු නලක් සවි කර, මුලික ආරක්ෂක උපක්‍රමයක් ලෙස භාවිතා කළ බව සඳහන් වේ. පසුව13වන සියවස වන විට,රොකට්වල භාවිතය පුළුල් විය, ඔවුන් ඒවා යුධමය හා උත්සව අවස්ථා වලදී භාවිතා කළ අතර මෙය මධ්‍ය ආසියාව සහ යුරෝපයට ද පැතිරවීය.

ඉන් පසු අයිසෙක් නිවුටන්ගේ චලන නියමයන් (1687) රොකට් තාක්ෂණයට මූලික විද්‍යාත්මක පදනමක් සැපයී ය. ඔහුගේ තුන්වෙනි නියමය “හරය ප්‍රතික්‍රියාවට සමාන සහ විරුද්ධ ක්‍රියාවක් ඇත”යන පදනම මත රොකට් ප්‍රාණශක්තිය ක්‍රියාත්මක වේ. ඉන්පසු18වන සහ 19වන සියවසවල දී, බ්‍රිතාන්‍යයේ කොන්ග්රේව් රොකට් සංවර්ධනය කරනු ලැබුවේ සර් විලියම් කොන්ග්රේව් විසිනි. මෙම රොකට් නපෝලියන් යුද්ධ සහ 1812 යුද්ධය ආදී යුධ කටයුතු සඳහා භාවිතා විය. 

රුසියානු විද්‍යාඥ කොන්ස්ටැන්ටින් ටසිල්කොව්ස්කි ග්‍රහාන්තර විද්‍යාවේ පියා ලෙස සැලකේ. 1903 දී, ඔහු ග්‍රහාන්තර ගවේශණය සඳහා රොකට් භාවිතා කිරීමේ සංකල්පය ඉදිරිපත් කළ අතර, තවමත් භාවිතා වන රොකට් සමීකරණය නිර්මාණය කළේ ය.1920 සහ 1930 දශකවල දී, ඇමරිකාවේ රොබට් ගොඩඩ් සහ ජර්මනියේ හර්මන් ඔබර්ත් වැනි රොකට් පෙරලිකරුවන් ප්‍රධාන ප්‍රගතිකයන්ට ප්‍රමුඛත්වය ලබාදුනි. 1926 දී, ගොඩඩ් පළමුව දියර ඉන්ධන රොකට් නගා දැමීම සාර්ථක කළේ ය. මෙය අධුනික රොකට් විද්‍යාවේදීන්ට මහත් කඩඉමක් විය.

දෙවන ලෝක යුද්ධ සමයේ ජර්මනියේ V-2 රොකට්, වර්නර් වොන් බ්‍රාවන් සහ ඔහුගේ කණ්ඩායම විසින් නිර්මාණය කරන ලද පළමු ඝණාකාර, දිගු පරාසයක, මාර්ගෝපදේශිත ඛණ්ඩාංශීය රොකට්ටුව එය වන අතර, අභ්‍යවකාශයට මුලින්ම ළඟා වූ මිනිස් නිෂ්පාදිත වස්තුව මෙය වේ.

දෙවන ලෝක යුද්ධයෙන් පසු, ඇමරිකාව සහ සෝවියට් සංගමය ජර්මානු රොකට් තාක්ෂණය ලබාගෙන අභ්‍යවකාශ වැඩසටහන් නිර්මාණය කළේ ය.1957 දී, සෝවියට් සංගමය ස්පුට්නික් 1 නමැති පළමු කෘත්‍රිම චන්ද්‍රිකාව R-7 රොකට් භාවිතයෙන් අභ්‍යවකාශයට නිකුත් කළේය.මෙය අභ්‍යවකාශ යුගයේ ආරම්භය සනිටුහන් කරයි.1961 දී, යූරි ගගාරින් සෝවියට් වොස්ටොක් 1 රොකට් මගින් අභ්‍යවකාශය පසුකළ පළමු මනුෂ්‍යයා ලෙස සැලකේ.ඇමරිකාව 1969 දී පෘථිවියෙන් යැවූ අපොලෝ 11 මෙහෙයුම මගින්, සැටර්න් V රොකට් භාවිතයෙන් සඳ මත පිය නගන ලද පළමු මිනිසුන් ලෙස සංකීර්ණ සාර්ථකත්වයක් ලබාගත්තේය.

21වෙනි සියවසේ, ස්පේස්එක්ස් සහ බ්ලූ ඔරින්ග් වැනි වාණිජ අභ්‍යවකාශ ගමන් සමාගම් ඉදිරියට පැමිණි අතර 2008 දී ස්පේස්එක්ස් රොකට් සමූහයේ පළමුවෙනි රොකට්ටුව වන ෆල්කන් 1 කාර්මිකව නිර්මාණය වූ පළමු පෞද්ගලික දියර ඉන්ධන රොකට් ලෙස අභ්‍යවකාශයට යැවීමේ සාර්ථකත්වය ළඟා කරගෙන ඇත.

ඉහත ආකාරයට රොකට්ටුවල ඉතිහාසය දැක්විය හැකි අතර වෙඩි බෙහෙත් එනම් ගන්පවුඩර් සොයා ගැනීමත් සමඟ චීන ජාතිකයන් මල්වෙඩි,අහස් කූරු භාවිත කළ අතර ඉහත ආකාරයට කාලයත් සමඟ ක්‍රම ක්‍රමයෙන් එය රොකට්ටුවක් බවට පත් විය.මිනිසා අභ්‍යවකාශය ජයග්‍රහනය කිරීම පිටුපස සිටින දැවැන්තයා රොකට්ටුව වන අතර අභ්‍යවකාශයට රොකට්ටුවක් දියත් කිරීමෙන් පසු විශාල මුදල් ප්‍රමාණයක් අපතේ යන බව විද්‍යාඥයන් පවසයි.රොකට්ටුවක් පෘථිවි පෘෂ්ඨයේ සිට අභ්‍යවකාශ මායිමට රැගෙන යන බූස්ටරය නැවත නැවත නිෂ්පාදනය කිරීම එයට හේතුවයි.

මෙම මුදල් නස්තියට විසඳුමක් ගෙන ඩෙනු ලැබූවේ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තය මූලස්ථානය කරගත් එලන් මස්න්ගේ ස්පේස්එක්ස් ආයතනයයි. මොවුන් දිගු කාලක් පුරා සිදු කළ පර්‍යේෂණවල ප්‍රතිඵලයක් ලෙස 2015 දෙසැම්බර් 21 දින ෆැල්කන් 9 රොකට් බූස්ටරය මුහුද මත ඇති වේදිකාවකට සාර්ථකව ගොඩබාන ලදී.එහි දී ඔවුන් එම මුදල් අපතේ යෑම වැලැක්විය හැකි `බව ඔප්පු කරන ලදී.එදා සිට අද වන තෙක් ෆැල්කන් 9 අභ්‍යවකාශයට යානා ගෙන ගොස් නැවත ගොඩබස්වමින් විශාල මුදල් ප්‍රමාණයක් ඉතිරි කිරීමට සමත් විය.

එලන් මස්ක්ගේ මීළඟ මෙහෙයුම් සඳ මතට මිනිසුන් ගෙන යෑම සහ අඟහරු මත ජනාවාසයක් පිහිටුවීම බව සඳහන් වේ.මෙම මෙහෙයුම් ජය ගැනීමට ෆැල්කන් 9 නැවත නැවත ගොඩ බැස්වීම මෙන් ම අභ්‍යවකාශයේ හෝ වෙනත් ග්‍රහලෝක තුළ දී ඉන්ධන නැවත නැවත පිරවීම සිදු කළ යුතු වේ.එය සිදු කිරීමේ හැකියාව පවතින බවත් අද වන විට ඔවුන් ඔප්පු කර හමාර ය.

ස්ටාශිප් පස්වන පරීක්ෂණ චාරිකාව වෙනුවෙන් දියත් කරනු ලැබූ බර බූස්ටරය චොප්ස්ටික් කූරු දෙකක් වැනි රොබෝ අත් දෙකක් මඟින් 2024 ඔක්තෝම්බර් 13වන දින අති සාර්ථකව අල්ලා ගැනීමට සමත් විය. මෙම ක්‍රමය නව කැච් ලෑන්ඩින් ක්‍රමය ලෙස ස්පේස්එක්ස් සමාගම නම් කර ඇත. මෙය මිනිසාගේ අනාගතය වෙනස් කරන රොකට් ගොඩබෑම ලෙස හැඳින්වෙන අතර මිනිසා සඳ මතට යෑමත් ,අඟහරු මත ජනාවාස පිහිටුවීමත් වැඩි ඈතක නොවන බව මෙමඟින් තහවුරු කරගත හැකිය.

තිසාරා රාජපක්ෂ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required