/
/
title icon පාස්කු ප්‍රහාරයේ විමර්ශන වාර්තාවක් ගම්මන්පිල ප්‍රසිද්ධ කරයි
පාස්කු ප්‍රහාරයේ විමර්ශන වාර්තාවක් ගම්මන්පිල ප්‍රසිද්ධ කරයි
Wasana Wickramasingha
1 month ago
Share:
පාස්කු ප්‍රහාරයේ විමර්ශන වාර්තාවක් ගම්මන්පිල ප්‍රසිද්ධ කරයි

පාස්කු ප්‍රහාරය පිළිබඳව දැනට ප්‍රසිද්ධ කර නොමැති විමර්ශන වාර්තා දෙකක් තමන් සතුව ඇති බවත් සතියක් තුළ ජනාධිපතිවරයා විසින් ඒවා ප්‍රසිද්ධියට පත් නොකරන්නේ නම්, තමන් එම වාර්තා ප්‍රසිද්ධියට පත්කරන බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ඉකුත් 14 වැනිදා විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවෙමින් ප්‍රකාශ කර සිටියා.

මෙම ප්‍රකාශයත් සමග පාස්කු විමර්ශන වාර්තා පිළිබඳ සංවාදය යළි කරළියට පැමිණීම සිදුවුණා.

කෙසේ වෙතත්, උදය ගම්මන්පිල මහතා විසින් ජනාධිපතිවරයා ඇතුළු වත්මන් ආණ්ඩුවට පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන වාර්තා ප්‍රසිද්ධ කිරීම පිණිස ලබා දී තිබූ දින හතක කාලය අද උදෑසන 10 න්  අවසන් වුණා.

ඒ අනුව, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ, එම වාර්තා සම්බන්ධයෙන් හෙළිදරව්වක් සිදුකෙරුණා.

එහිදී ඔහු විසින් පාස්කු  ප්‍රහාරයේ පළමුවැනි කමිටු වාර්තාව එළිදැක් වූ අතර, ඒ චැනල් ෆෝ නාලිකාව විසින් සිදු කළ වීඩියෝ පටයට අදාළ චෝදනා විසිපහක ඇත්ත නැත්ත විමර්ශනය කිරීමේ වාර්තාවයි.

එමෙන්ම, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන දෙවැනි වාර්තාව ද ඔක්තෝම්බර් 28 වැනිදා එළිදක්වන බව ගමන්පිල මහතා සඳහන් කළා.

මේ අතර, පාස්කු ප්‍රහාරය සිදුවන බව රාජ්‍ය බුද්ධි අංශයේ එවකට සිටි අපරාධ බුද්ධි අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා දැන සිටි බවත් එම නිසා ජනාධිපතිවරයා විසින් වත්මන් මහජන අමාරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් තනතුරින් ඔහුව වහාම ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවත් ගම්මන්පිල මහතා අවධාරණය කර සිටිනවා.

කෙසේ වෙතත්, තමාට නව පාර්ලිමේන්තුවට යාමට හැකි වුවහොත් ජනාධිපති අනුර කුමාර දිසානායකට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන බවද උදය ගමන් පෙළ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required