/
/
title icon
දකුණු පළාතේ ඇතැම් ස්ථානවලට තද වැසි
දකුණු පළාතේ ඇතැම් ස්ථානවලට තද වැසි
Wasana Wickramasingha
4 months ago
Share:
දකුණු පළාතේ ඇතැම් ස්ථානවලට තද වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන පරිදි දකුණු පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් සියයට වැඩි තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර , සබරගමුව, දකුණ , වයඹ සහ උතුරු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

මේ අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ ඉඩකඩක් පවතින අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් පනහට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකියි.

ඒ අනුව, ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required