/
/
title icon
හදිසි බිඳ වැටීමක් නිසා ගම්පහට ජලය අඩු පීඩනයකින්
හදිසි බිඳ වැටීමක් නිසා ගම්පහට ජලය අඩු පීඩනයකින්
Editor
4 months ago
Share:
හදිසි බිඳ වැටීමක් නිසා ගම්පහට ජලය අඩු පීඩනයකින්

ජල සැපයුම් නල මාර්ගයක ඇතිවූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අඩු පීඩනයක් යටතේ සිදුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව වත්තල, මාබෝල, ජා ඇල සහ කටුනායක-සීදුව නගර සභා ප්‍රදේශවලට සහ වත්තල, බියගම, මහර, ජා ඇල, කටාන සහ මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ සඳහා අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති.

මෙහි අලුත්වැඩියා කටයුතු සිදුකෙරෙන බවත් ජල සැපයුම හෙට දහවල් 12ට පමණ යථා තත්ත්වයට පත්කිරීමට හැකි වනු ඇති බවටත් ඔවුන් විශ්වාසය පළ කරනවා.

එබැවින් ජලය අරපරිස්සමින් පාවිච්චි කරන ලෙසයි ජල සම්පාදන මණුඩලය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required