/
/
title icon ආහාර ද්‍රව්‍යවල මිල සම්බන්ධයෙන්, ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් හෙට විශේෂ සාකච්ඡාවක්
ආහාර ද්‍රව්‍යවල මිල සම්බන්ධයෙන්, ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් හෙට විශේෂ සාකච්ඡාවක්
Wasana Wickramasingha
1 month ago
Share:
ආහාර ද්‍රව්‍යවල මිල සම්බන්ධයෙන්, ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් හෙට විශේෂ සාකච්ඡාවක්

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම ඇතුළු කාරණා කිහිපයක් සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, හෙට විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

ජනාධිපති ලේකම් කාර්යාලයයේදී පැවැත්වෙන මෙම සාකච්ඡාවේදී සහල් අර්බුදය, පොල්, බිත්තර මිල ගණන් ඉහළ යාම ආදී කරුණු පිළිබඳව අවධානය යොමු කිරීමට නියමිතයි.

මේ අතර, වෙළෙඳපොලේ සහල් මිලෙහි යම් ඉහළ යාමක් පවතින බවත් නාඩු සහල්වල අඩුවක් දක්නට ලැබෙන බවත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ මහතා පවසනවා.

එසේම, නාඩු සහල් කිලෝවක් සඳහා රුපියල් 220 ක පාලන මිලක් යොදා තිබෙන බවත්, නාඩු වී මිල ඉහළ යාම නිසා මෙම පාලන මිලට සහල් අලෙවි කිරීමට නොහැකි බවට සහල් මෝල් හිමියන් චෝදනා නඟන බවත් ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required