හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑනා කෙනෙකු බව කියන, මහනුවර වාහන අලෙවිසැලක හිමිකරුවෙකුගේ පුත්‍රයෙකුගේ නිවසේ තිබී ලියාපදිංචි නොකළ නවීන මෝටර් රථයක් සහ ජීප් රථයක් හමුවී තිබෙනවා.
පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ , එම නිවැසියන් වාහනවලට අදාළ කිසිදු නීත්‍යානුකූල ලියවිල්ලක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ බවයි.
ඒ අනුව, වාහන ගාල් කර තිබූ නිවසේ හිමිකරුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසුව මෝටර් රථ දෙක පොලීසිය භාරයට ගෙන තිබෙනවා.
මේ අතර, හිටපු අමාත්‍යවරයාගේ බෑනා බව කියන ගයාන් සේරම්, ඊයේ නීතිඥවරයෙකු සමඟ බම්බලපිටිය පොලීසියට ගොස් මෙම චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඉල්ලා පැමිණිල්ලක් ද සිදුකර තිබෙනවා.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කළේ තමා මෙම වංචාවට සම්බන්ධ බවට ඔප්පු කළහොත් , දේශපාලනයෙන් සමුගන්නා බවයි.
එසේම,ඔහුගේ හිතවතුන් සිදු කරන වැරදිවල වගකීම තමාට බාර ගැනීමට නොහැකි බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.