කැනඩාවේ රැකියාවක නිරතවී සිටි ශ්රී ලාංකික තරුණයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
යාපනය, මයිලිට්ටි ප්රදේශයේ පදිංචි මොහු 44 වන වියේ පසු වූ බවයි වාර්තා වන්නේ.
කැනඩාවේ ඔන්ටාරියෝ නුවර මාඛාම් (Markham) ප්රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, වෙඩි තැබීමට හේතුව හෝ වෙඩි තබන ලද්දේ කවුරුන් විසින් ද යන්න පිළිබදව මෙතෙක් තොරතුරු අනාවරණය වී නැහැ.
සිද්ධිය ගැන සැලවීමෙන් අනතුරුව පොලිසිය පැමිණ වෙඩි වැදී තුවාල ලබා සිටි තරුණයාව රෝහල් ගත කිරීමට උත්සහ කළ ද ඔහු ඒ වන විටත් මියගොස් සිට ඇති බවයි වාර්තා වෙන්නේ.
කැනඩාවේ ඔන්ටාරියෝ ප්රාන්ත පොලීසිය මෙම ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබනවා.