/
/
title icon ගම්මන්පිල ඉදිරිපත් කළ චෝදනාවලට විජිතගෙන් පිළිතුරු
ගම්මන්පිල ඉදිරිපත් කළ චෝදනාවලට විජිතගෙන් පිළිතුරු
Wasana Wickramasingha
4 weeks ago
Share:
ගම්මන්පිල ඉදිරිපත් කළ චෝදනාවලට විජිතගෙන් පිළිතුරු

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ශානි අබේසේකර කිසිදු හේතුවක් මත වර්තමානයේ සිටින තනතුරුවලින් ඉවත්කිරීමට රජය සුදානම් නැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

එසේම, ගම්මන්පිල මහතා ඊයේ ඉදිරිපත් කළ කමිටු වාර්තාව පිළිනොගන්නා බවත් ඔහු පාස්කු කමිටු වාර්තාවක් උපුටා දක්වමින් අදාළ නිලධාරීන් දෙදෙනාව ඉලක්ක කර ඇත්තේ, ඔවුන් දෙදෙනා වර්තමානයේ දරන තනතුරුවලින් ඉවත් කිරීමේ අවශ්‍යතාවය මත බවත් විජිත හේරත් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

චෝදනා කෙසේ වෙතත්, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉතා අපක්ෂපාති පරීක්ෂණයක් එම නිලධාරීන් දෙදෙනා අතීතයේ සිට සිදුකළ බව අමාත්‍යවරයා අවධාරණය කරනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required