උදය ගම්මන්පිල විසින් ඊයේ දිනයේ සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අද දිනයේ මාධ්‍ය හමුවක් කැඳවා පිළිතුරු ලබා දීමට කාදිනල් හිමි සූදානම් වන බව වාර්තා වනවා.
රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කමිටුවකින්, පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධයෙන්, එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකව සිටි රවී සෙනෙවිරත්න මහතාට එරෙහිව චෝදනා කර තිබෙන බව ගම්මන්පිල විසින් ඊයේ හෙළා.
ඊට අමතරව එම මාධ්‍ය හමුවේදී, පාස්කු ප්‍රහාරය කතෝලික ජනතාව ඉලක්ක කර ගනිමින්ම සිදුවූවක් නොවන බවත්, එබැවින් ඒ ගැන කතා කිරීමේ ඒකාධිකාරයක් කාදිනල් හිමිට හිමි නොවන බවත් ගම්මන්පිල පැවසුවා.
ඔහු වැඩිදුරටත් පවසා සිටියේ මිය ගිය පුද්ගලයන් අතර කතෝලිකයන් නොවන පිරිස් ද සිටින බැවින් , එය කතෝලිකයන්ගේ ප්‍රශ්නයක් ලෙස නොව ජාතික ප්‍රශ්නයක් ලෙස සැලකිය යුතු බවයි .
කෙසේ වෙතත්, මේ කරුණු සියල්ලටම කාදිනල් හිමි අද දිනයේදී උත්තර ලබා දීමට අපේක්ෂාවෙන් සිටිනවා.