/
/
title icon ගංවතුරෙන් ආපදාවට ලක්වූවන්ට සහන සලසන්න චීනයෙන් මිලියන 30ක්
ගංවතුරෙන් ආපදාවට ලක්වූවන්ට සහන සලසන්න චීනයෙන් මිලියන 30ක්
Editor
4 weeks ago
Share:
ගංවතුරෙන් ආපදාවට ලක්වූවන්ට සහන සලසන්න චීනයෙන් මිලියන 30ක්

පසුගියදා ඇතිවූ හදිසි ගංවතුර තත්ත්වයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා චීන රජයෙන් රුපියල් මිලියන 30ක මුදලක් මෙරටට පරිත්‍යාග කර තිබෙනවා.

ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද හමු වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා එම  මුදල නිල වශයෙන් ජනාධිපතිවරයා වෙත භාරදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවා.

විපතට පත් වූවන් වෙනුවෙන් හදිසි සහන සැලසීම මෙන්ම ගංවතුර තත්ත්වය වැළැක්වීම සහ කළමනාකරණයට අදාළව ගත යුතු දීර්ඝකාලීන උපායමාර්ග පිළිබඳව ද මෙම හමුවේදී සාකච්ඡා වී ඇති බව සඳහන්.

එමෙන්ම ඉදිරියේ දී ඇති විය හැකි ගංවතුර තත්ත්ව වළක්වා ගැනීම සහ එවැනි තත්ත්වවලට මුහුණ දීමට ඇති හැකියාව  වැඩිදියුණු කිරීම සඳහා අනුගමනය කළ හැකි තිරසාර විසඳුම් සහ ක්‍රමවේද පිළිබඳව ද මෙහිදී අවධානය යොමුකළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required