
ජනප්‍රිය ගායන ශිල්පි අජිත් ආරියරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
කලක් රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිටි ඔහු, හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ මහතා මිය යන විට 59 වැනි වියේ පසු වුණා.
ඔහු ගැයූ ගීත අතර “තනි වෙන්න ඉඩ දෙන්න මටයි මගේ හිතටයි”, “හදවතින් සෙනෙහස පුරා”, “දයාබර දිලූ කියා”, “මා ගයන ගීතයේ”, “ඔබ වෙනුවෙන් මේ ලෝකයේ”, “රැයක දුටුව සිහිනයක්” වැනි ගීත අතිශය ජනාදරයට පාත්‍ර වුණා.
කලා ලොවට සදාදරණීය නිර්මාණ රැසක් දායාද කළ, ගායන ශිල්පි අජිත් ආරියරත්න මහතාට නිවන් සුව ප්‍රාර්ථනා කරමු!