
විශේෂ කාර්ය බලකාය - කුරුණෑගල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව, වාරියපොල නගරයේ හා මිනුවන්ගැටේ ප්‍රදේශයේ දී සිදුකළ වැටලීමකින් හෙරොයින් ජාවාරමේ නිරත පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.
එහිදී, හෙරොයින් ග්‍රෑම් 85, මිලි ග්‍රැම් 210 ක්, ජාවාරමින් උපයාගත් මුදල් රුපියල් 384,000.00 ක් හා හෙරොයින් ඇසුරුම් කිරීමේ උපකරණ තොගයක් සොයා ගැනීමට විශේෂ කාර්ය බලකායේ නිලධාරී පිරිස සමත්ව තිබෙනවා.
මෙලෙස, අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර, වයස අවුරුදු 24 ක පුද්ගලයෙක්, මිනුවන්ගැටේ ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 32 ක කාන්තාවක් සහ වාරියපොල නගරය තුළ හෙරොයින් ජාවාරමේ යෙදී සිටි වයස අවුරුදු 51 ක පුද්ගලයෙක් සිටිනවා.
කෙසේ වෙතත්, අත්අඩංගුවට ගත් පිරිස වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වාරියපොල පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.