/
/
title icon
ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගනී - 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ
ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගනී - 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ
Editor
4 months ago
Share:
ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගනී - 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද පස්වරුවේ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.

අනතුරුව ඔහුව ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කෙරුණේ.

BMW වර්ගයේ මෝටර් රථයක් කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක සැකකටයුතු ලෙස නවතා තැබීමේ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණීමෙන් අනතුරුවයි පස්වරුවේ අත්අඩංගුවට ගැනීමට පියවර ගත්තේ.

එලෙස බන්ධනාගාරගත කළ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාව වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන එනු ලැබුවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required