මේ වන විට පවතින පොල් මිල හේතුවෙන් පාරිභෝගික ජනතාව මුහුණ දී තිබෙන දුෂ්කරතාවයට විසඳුමක් ලෙස ජංගම අලෙවි රථ මගින් අලෙවි කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට පොල් වගා කිරීමේ මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඒ අනුව අද දිනයේ එහි පළමු අදියර කොළඹ, ශ්රී ජයවර්ධන පුර කෝට්ටේ, කඩුවෙල නගර සභා බල සීමා මුල්කර ගනිමින් ක්රියාත්මක කෙරෙ.පොල් ගෙඩියක් රු 100ත් 120ත් මිලකට පාරිභෝගිකයින්ට ලබාදීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.
පසුව සියලු දිස්ත්රික්ක ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්රියාත්මක කිරීමට නියමිත බවයි පොල් වගා කිරීමේ මණ්ඩලය වැඩිදුරටත් ප්රකාශ කළේ.