අද සිට නොවැම්බර් 14 වැනිදා දක්වා සියලු තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කර තිබෙනවා.නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ, එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ කටයුතු වෙනුවෙන් එම තීරණය ගත් බවයි.
මේ අතර,පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකැට්ටු අද තැපෑලට භාර දෙනු ලබනවා.නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ, ඒවා භාර ගැනීම සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් බවයි.