
ශ්‍රී ලංකාවේ ආරුගම්බේ ප්‍රදේශයේ පිහිටි ජනප්‍රිය සංචාරක ස්ථාන ඉලක්ක කරගනිමින් ප්‍රහාරයක් එල්ල වන බවට විශ්වාසනීය තොරතුරු සමග අනතුරු ඇඟවීම් ලැබී ඇතැයි ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය සඳහන් කරනවා.
මෙම තර්ජනයෙන් එල්ල වී ඇති බරපතළ අවදානම හේතුවෙන් තානාපති කාර්යාලයෙන් නිලධාරීන්ට නැවත දැනුම් දෙන තුරු ආරුගම්බේ වෙත යාමට ඇමරිකානු තානාපති කාර්යාලය විසින් ගමන් තහනමක් පනවා තිබෙනවා.
එමෙන්ම නැවත දැනුම් දෙනතුරු තුරු ආරුගම්බේ ප්‍රදේශයට යාමෙන් වළකින ලෙස එක්සත් ජනපද පුරවැසියන්ගෙන් දැඩි ලෙස ඉල්ලා සිටින බවයි නිවේදනයක් නිකුත් කරමින් තානාපති කාර්යාලය සඳහන් කර ඇත්තේ.