
එළැඹෙන සංචාරක සමයේ දී මෙරට සංචාරය කරන ලෙස ලොව පුරා සිටින සංචාරකයින්ට ආරාධනය කරන බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා.
එම නිවේදනයේ දැක්වෙන්නේ සියලු ම සංචාරකයින්ට ආරක්ෂාකාරීව දිවයිනේ සුන්දරත්වය භුක්ති විඳීමට හැකි බවයි.
සියලු ම සංචාරකයින් මෙරට රැඳී සිටින කාලය තුළ දී ඉහළ ම අයුරින් ආරක්ෂාව ලබා දීමට කටයුතු කිරීමට සූදානම් බව ද එහි සඳන් වනවා.
එසේම ආරක්ෂක අමාත්‍යංශය ද රටතුළ සිටින සංචාරකන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය පියවර මේ වන විටත් ගෙන ඇති බව ද සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය දන්වා සිටියා.