/
/
title icon ඔබත් මනසින් උසස් අයෙක්ද?
ඔබත් මනසින් උසස් අයෙක්ද?
Manjula Disanayaka
4 weeks ago
Share:
ඔබත් මනසින් උසස් අයෙක්ද?

අද වන විට ඔබ අප ජීවත්වන්නේ 21 වන  සියවසය  තුළයි.ලෝකයෙහි  සෑම ක්ෂේත්‍රයක්ම වේගයෙන් ඉදිරියට ගමන් කරයි.නමුත් යම් යම් අවස්ථාවලදී ලෝකය කොතෙක් ඉදිරියට ගමන් කළද මිනිසුන්ගේ සිතුම් පැතුම් ගෝත්‍රික බවක් දක්නට ලැබෙයි. මිනිසා යනු මනසින් උසස් යන අර්ථයෙන් යුත් යෙදුමකි. එනමුත් මනසින් උසස් යැයි කියන්නා වූ මිනිසාම තවත් මිනිස්සුකුගේ ලිංගික අනන්‍යතාවයක් වෙනස් වූ පමණින් ඔවුන්ට හිරිහැර කිරීම මානසිකව පීඩාවට පත්කිරීම කරන්නේ නම් ඔහු මනසින් උසස් අයෙකු යැයි කිව හැකිද ? අද වන විට සමාජය තුළ ,පවුල් තුල ලිංගික සංක්‍රාන්තියක් සහිත පුද්ගලයන්ට නිදහස්ව ජීවත්වීමට තරම් පරිසරයක් නොමැත.එය හොඳින්ම දැකගත හැකි අවස්ථාවක් ලෙස සංක්‍රාන්තික ලිංගික පුද්ගලයන් දෙස අනෙකුත් මිනිසුන් බලන දෘෂ්ටිකෝණය තුළින්ම මනාව පැහැදිලි වේ. 

සංක්‍රාන්තික සමාජභාවී පුද්ගලයෙකු යනු
ඔබ අප ඕනෑම අයෙකුට උපතින් ලැබෙන ලිංගික අනන්‍යතාවයක් පවතී. නමුත් මෙම සංක්‍රාන්තික සමාජභාවය සහිත පුද්ගලයෙක් ලෙස හඳුන්වනු ලබන්නේ උපතේදී හිමි වුණු ලිංගික භාවයට අනුරූප නොවන ලිංගික අනන්‍යතාවයක් තහවුරු කරන හෝ ප්‍රකාශයට පත් කරන පුද්ගලයෙකි. මෙම සංක්‍රාන්තික සමාජ භාවය සහිත පුද්ගලයන් අතරට නිශ්චිත පුරුෂ හෝ ස්ත්‍රී අනන්‍යතාවයක් පළ නොකරන මධ්‍යස්ථ ලිංගික අනන්‍යතාවය සහිත පුද්ගලයන් සහ මුක්ත ලිංගික පුද්ගලයන්ද වේ.

සංක්‍රාන්ත ලිංගික පුද්ගලයන් ලෙස හඳුන්වනු ලබන්නේ විරුද්ධ ලිංගය සමඟ මානසිකව අනන්‍යතාවයක් ගොඩනගා ගන්නා අතර ඇතැම් විට ඔවුන්ගේ කායික පෙනුම ලබා ගැනීම සඳහා බාහිර ලිංගික අවයව වෙනස් කර ගැනීම වැනි සැත්කම් සහ හෝමෝන ප්‍රතිකාර කර ගැනීම තුළින් විරුද්ධ ලිංගයේ සාමාජිකයකු ලෙස ජීවත්වීමට උත්සාහ කරන පුද්ගලයෙකි.සංක්‍රාන්ත ලිංගිකයන් සම්බන්ධයෙන් ගත් කළ එය ඔවුන් ඔවුන්ට පවරා ඇති ජීව විද්‍යාත්මක ලිංගිකත්වයට නොගැලපේ. මෙයට සංක්‍රාන්ති පිරිමි (උපතේදී ස්ත්‍රියක් ලෙස උපත ලද නමුත් පිරිමි ලෙස හඳුනා ගන්නා පුද්ගලයන්) සංක්‍රාන්ති කාන්තාවන් (උපතේදී පුරුෂයෙකු ලෙස හඳුනාගත් නමුත් කාන්තාවක් ලෙස හඳුනා ගන්නා පුද්ගලයන් ) දැක්විය හැකිය.

ලිංගික අනන්‍යතාවය සහිත පුද්ගලයකු  යන යෙදුමෙන් අර්ථ දක්වනු ලබන්නේ උපතින් පුද්ගලයකු පිරිමියෙකු හෝ ස්ත්‍රියක හෝ වෙනත් අනන්‍යතාවයක් සහිත පුද්ගලයකි.

ගෝලීය වශයෙන් අඩු වාර්තාකරණය සමාජ අපකීර්තිය සහ විස්තීරණ දත්ත නොමැතිකම හේතුවෙන් සංක්‍රාන්තික ලිංගිකයන් ප්‍රමාණාත්මකව ගණනය කිරීම ඇස්තමේන්තුගත කිරීම අපහසුය. න්‍යායාත්මකව සංක්‍රාන්ති ලිංගිකයන් ලෙස සැලකිය හැකි පිරිසේ අනුපාතය ගෝලීය ජනගහනයෙන් 0.5-1% පමණ වේ.එබැවින් ලෝකය පුරා පුද්ගලයන් මිලියන 25-30 අතර  ප්‍රමාණයක්  ප්‍රකාශ කර ඇතත් වෙනස් කොට සැලකීමට ඇති බිය නිසා සියලුම සිද්ධීන් වාර්තා නොවන නිසාවෙන් එම ගණනය කිරීම්  වෙනස් වී ඇත.  ශ්‍රී ලංකාව තුළ සංක්‍රාන්ති ලිංගිකයන් පිළිබඳව නිවැරදි ගණනය කිරීම් නොමැත ලංකාව තුළද සංක්‍රාන්ති ලිංගකයන් නීතිමය පිළිගැනීම සෞඛ්‍ය සේවා ප්‍රවේශය සහ සමාජ පිළිගැනීම සම්බන්ධයෙන් දැඩි වෙනස්කම් රැසකට මුහුණ දෙයි.

සංක්‍රාන්ති ලිංගිකයන් සමාජය විසින් ප්‍රතික්ෂේප කිරීමට හේතු, 

  • මෙම සංක්‍රාන්ති ලිංගිකයන් සංස්කෘතික, සමාජය සහ නෛතික සාධකවල සංකලනය හේතුවෙන් සමාජය තුළ පුළුල්ව පැතිරුණු නෙරපා හැරීමකට මුහුණ දී සිටී. මෙම ප්‍රතික්ෂේප කිරීම බොහෝ විට අධ්‍යාපනය,රැකියාව ,සෞඛ්‍ය සේවාව වැනි මූලික සමාජ ව්‍යුහය තුළදී සිදුවේ. මෙම තත්ත්වය හමුවේ ඔවුන්ට වෙනස් කොට සැලකීම හිරිහැර කිරීම බොහෝ අවස්ථාවලදී සිදුවේ.
  • සමාජය තුළ තවමත් ගතානුගතික ස්ත්‍රී පුරුෂ භූමිකාවන් සහ ආගමික මූලධර්ම මත පදනම් වී ස්ත්‍රී පුරුෂ වශයෙන් කුමක් විය යුතුද යන්න දැඩි මත දරයි.සමාජය තුළ පිරිමි සහ කාන්තාව යන වර්ගීකරණය ගැඹුරින් මුල් බැසගෙන ඇති අතර එසේ නොවන පිරිස් පිළිබඳව අසාමාන්‍ය බවකින් යුක්ත දෘෂ්ටිකෝණයකින් බැලීමට බොහෝ මිනිසුන් ඔවුන්ගේ මනෝභාවයන් ගොඩනගාගෙන ඇත.
  • සංක්‍රාන්ති ලිංගිකයන් කොන් කිරීමට විශාලතම හේතු සාධක වන්නේ ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳව ද්විමය අදහස් ප්‍රචාරණය කරන සහ සාමාන්‍යයෙන් සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන් පව්කාර සහ දුරාචාර පුද්ගලයන් ලෙස හදුන්වා දෙමින්  විවිධ ආගමික මූලධර්ම මගින් මිනිසුන්ගේ මනසට ඇතිකර ඇති බලපෑමයි.
  • සංක්‍රාන්තික ලිංගිකයන් කොන් කිරීමට තවත් හේතුවක් වන්නේ ශ්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳව විවිධත්වය පිළිබඳ අවබෝධය නොමැතිකම සහ බිය තුළින් ඇතිවන වැරදි වැටහීම්ය. සංක්‍රාන්තිය  ලිංගිකයන් බොහෝ විට වැරදි වැටහීම් ඇති කරගෙන ඇති අතර එය ඔවුන මානසිකව ව්‍යාධි තත්ත්වයන් මතට පවා ඇද දැමීමට හේතුවක් වී ඇත.
  • බොහෝ රටවල්වල සංක්‍රාන්ති ලිංගිකයන් නීතිය යටතේ ආරක්ෂා නොකිරීම නිසා  නීත්‍යානුකූල අදෘශ්‍ය භාවය වෙනස් කොට සැලකීමට තව තවත් ඉඩ සලසනු ලබයි.මෙහිදී සංක්‍රාන්ති ලිංගිකයන්ට සෞඛ්‍ය සේවා සහ නීත්‍යානුකූල ස්ත්‍රී පුරුෂ භාවය හඳුනා ගැනීම වැනි අත්‍යවශ්‍ය සේවාවන් වෙත ප්‍රවේශ වීම ආදිය පවා වළක්වනු ලබයි.
  • ස්ත්‍රී පුරුෂ ලෙස ද්විමය  භූමිකාවක් සමාජය තුළ වැඩි වශයෙන් මුල් බැසගෙන ඇති අතර එය සංක්‍රාන්තික ලිංගික පුද්ගලයන් කොන් කිරීමට හේතුවක් වී ඇත. මෙම තත්ත්වය හමුවේ ඔවුන් බොහෝ විට මානසික දුෂ්කරතාවලට මුහුණ දෙයි. 

සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන් මුහුණ දෙන මානසික දුෂ්කරතා

  • සංක්‍රාන්ති ලිංගිකයන් පවුලෙන් මිතුරන්ගෙන් සහ සමාජයෙන් ප්‍රතික්ෂේප කිරීම බොහෝවිට අත්විඳින අතර මෙම හේතුවෙන් ඔවුන් දැඩි තනිකමකට සහ හුදකලා තත්ත්වයකට ගොදුරු වෙයි.
  • අපකීර්තියට වෙනස් කොට සැලකීමට සහ ප්‍රචණ්ඩත්වයට නිරන්තරයෙන් නිරාවරණය වීම ඔවුන්ට විශාල වශයෙන් චිත්තවේගී හානි ඇති කරයි.මෙය කාංසාව, මානසිකාව පීඩනය සහ අඩු ආත්මාභිමානයක් ඔවුන් තුළ ගොඩනංවනු ලබයි
  • එසේම රැකියා පරිසරය තුළදී රැකියාවක් ලබා නොදීම හෝ රැකියාව ලැබුණහොත් රැකියාව තුළදී විවිධ වෙනස්කම් සිදුකරනු ලබයි. බොහෝ විට ඔවුන් ආර්ථික ගැටලුවලට මේ නිසා මුහුණ දෙන අතර සෞඛ්‍ය සේවා ඇතුළු අත්‍යවශ්‍ය සේවා වෙත ප්‍රවේශ වීමට ඔවුන් අරගල කරන විට ඔවුන්ගේ මානසික ගැටළු තව තවත් උග්‍ර කරනු ලබයි.
  • මෙම පුද්ගලයන්ගේ උපතේදී ලැබුණු ස්ත්‍රී පුරුෂ භාවය සහ ඔවුන්ගේ ස්ත්‍රී පුරුෂ අනන්‍යතාවය නොගැලපීම හේතුවෙන් දැඩි චිත්තවේගී පීඩාවන්ට ගොදුරු වේ .මේ සඳහා වෛද්‍ය සහ මනෝවිද්‍යාත්මක සහාය සඳහා ප්‍රවේශය නොමැතිවීම හේතුවෙන්  තව තවත්  ඔවුන්ගේ එම තත්ත්වය නරක අතට හැරෙයි.
  • ප්‍රතික්ෂේප කිරීම ප්‍රචණ්ඩත්වය සහ ප්‍රතිකාර නොකළ මානසික සෞඛ්‍ය ගැටලු රැසක් එකතුවෙන් වන බලපෑම මත සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන් සිය දිවි නසා ගැනීමේ උත්සාහයක් සාමාන්‍ය ජනගහනයට සාපේක්ෂව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. 

අනන්‍යතාවය කුමක් වුවද මවුකුසකින් බිහිවන සියලු දෙනාටම  සමාජය තුල නිදහසේ ජීවත්වීමට සම අයිතියක් ඇත.ලිංගික අනන්‍යතාවයක් හේතු සාධකයක් කර ගනිමින් පිරිසකට සමාජයේ සියලු වරප්‍රසාද ලැබීමටත් තවත් පිරිසකට එය නොලැබීමත් අසාධාරණ බව ඔබ සිතිය යුතුය.ඒ නිසාවෙන් සමාජය තුළ ජීවත් වීමේදී තවත් අයෙකුගේ ලිංගික අනන්‍යතාවයක් නිසාවෙන් කිසිදු මානසික පීඩාවක් ඔවුන්ට ඇති නොකිරීමට වග බලා ගැනීම ඔබගේ යුතුකමක් හා වගකීමකි.

මංජුලා දිසානායක.
 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required