/
/
title icon රට හෙල්ලු ආන්දෝලනාත්මක නඩු තීන්දු
රට හෙල්ලු ආන්දෝලනාත්මක නඩු තීන්දු
Thamalee Pathiraja
4 weeks ago
Share:
රට හෙල්ලු ආන්දෝලනාත්මක නඩු තීන්දු

දිවයින පුවත්පතේ ජ්‍යෙෂ්ඨ අධිකරණ මාධ්‍යවේදී ඒ.ජේ.ඒ අබේනායක මහතා විසින් ලියන ලද "රට හෙල්ලූ ආන්දෝලනාත්මක නඩු තීන්දු " නම් ග්‍රන්ථය දොරට වැඩීමේ උත්සවය පසුගිය දා කොළඹ මිහිඳු මාවතේ උත්සව ශාලාවේ දී  පැවැත්විණි.

රට හෙල්ලූ ආන්දෝලනාත්මක නඩු තීන්දු ග්‍රන්ථය හරහා මෑත කාලයේ අප රටේ අධිකරණය හමුවේ පැවති සුප්‍රකට පුද්ගලයන්ගෙන් නඩු කටයුතු සහ ඊට අදාළ නඩු තීන්දු පිළිබඳව ඉතා හොඳ දැනුමක් ලබා ගත හැකි පරිදි ග්‍රන්ථය රචනා කර තිබේ. එම ග්‍රන්ථය තුළින් එකී තීන්දු ලබාදුන් විනිසුරුවන්ගේ මතයන්  හා එය පිළිබඳව මාධ්‍යවේදියකු ලෙස ඔහු දකින මතයත් ඉතා දක්ෂ ලෙස එමගින් එළිදැක්වීමට අබේනායක මහතා සමත් වී ඇත.

යම් රටක නීතිය එම රටේ ජීවත් වන සෑම පුරවැසියෙකුටම පොදුවේ ක්‍රියාත්මක විය යුතුය. එය තරාතිරමකින් තොරව සියල්ලටම සාධාරණ විය යුත්තක් බව දක්වයි .ඇතුමුන් නීතිය අන්දයි යැයි පැවසුනීය සියල්ලන්ටම නීතිය සාධාරණව ක්‍රියාත්මක නොවන නිසාය කප්පම් හා අල්ලස් ලබාදෙමින් නීතිය තමාට වාසි ලෙස පවත්වාගැනීම එයින් අදහස් කරයි. එවැනි ක්‍රියාවන්ට පිළිතුරක් හා සාධාරණයක් වශයෙන් මෙම ග්‍රන්ථය දොරට වැඩීමක්  ලෙස  බොහෝ පිරිස් ප්‍රකාශ කරති.සෙසු අධිකරණ විනිසුරුවන් හා නීතිඥවරුන් නඩු කටයුතු හා නඩු තීන්දු ලෙස බොහෝ විට බලනුයේ නීතියේ ඇසින් පමණක් වූවත් ජනතාව නියෝජනය කරමින් ඔවුන් වෙනුවෙන් නඩු කටයුතු වාර්තා කරන අබේනායක මහතා රචනා කළ මෙම ග්‍රන්ථය නීති ක්ෂේත්‍රයේ නියැලී සිටින පිරිස පමණක් නොව සෑම පාර්ශවයක්ම කියවිය යුතු ඉතා රසවත් හා ඉතා වටිනා ග්‍රන්ථයකි.

සමාරම්භක උත්සවයට පැමිණි ජේෂ්ඨ ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා පෙන්වා දී ඇත්තේ,අධිකරණය හමුවේ විභාග වූ නඩු හා තීන්දුව ප්‍රකාශ පිළිබඳව නීතිඥවරු ඕනෑ තරම් පොත් ප්‍රකාශයට පත් කර ඇතත් මෙම ග්‍රන්ථය සෙසු ග්‍රන්ථවලට සාපේක්ෂව සුවිශේෂී වෙනසක් ඇති බවත් වශයෙනි.රට හෙල්ලු ආන්දෝලනාත්මක නඩු තීන්දු ග්‍රන්ථය පුස්තකාලවල භාවිතයට සුදුසු බවත් අවධාරණය කරයි.

රටක් හෙල්ලු ආන්දෝලනාත්මක නඩු තීන්දු ග්‍රන්ථය සුවිශේෂතා රැසකින් යුක්ත වෙයි. එනම්, එය  විනිසුරුවරයෙකු හා මාධ්‍යවේදියකු යන කෝණ දෙකටම සරලන ආකාරයට නිරීක්ෂණය කොට ග්‍රන්ථය රචනා කිරීමයි. එලෙසම තවත් ඇස ගැටුණු විශේෂත්වයක් ලෙස සඳහන් කරනුයේ ඔහු තමන් මුලින්ම අධ්‍යාපනය ලැබූ පුත්තලම අධ්‍යාපන කලාපයේ පිහිටි ගල්කුලිය ලිහිණිගිරි කනිෂ්ඨ  විද්‍යාලයට එම ග්‍රන්ථයේ පිදුම ලබාදීම හා තමා අධ්‍යාපනය  ලැබූ විදුහල් මාතාවට ගෞරවයක් ලබා දීම වශයෙනි.මෙම ග්‍රන්ථය පිටු දහස් ගණනකින් ගත් කරුණු කරණා වලට අනුව නඩු 30ක් හා පිටු පන්සිය විසි දෙකකට සාරාංශගත කර තිබීම සුවිශේෂත්වයකි. එබැවින් එය නීතිඥ ප්‍රජාවට, නීතිය හදාරන සිසු සිසුවියන්ට පමණක් නොව සාමාන්‍ය ජනතාවටද ගැලපෙන ලෙස ඉතා වටිනා ග්‍රන්ථයක් බව අවධාරණය කරයි.පසුගිය දශක දෙක තුන ඇතුළත විනිශ්චයට බඳුන් වූ ඉතා තීරණාත්මක නඩු 30ක් ඇතුළත් කර ඇත. මෙම ග්‍රන්ථය රටේ නීතියේ හැරවුම් ලක්ෂයක් බව සමාරම්භක උත්සවයට පැමිණි පිරිස් අනාවරණය කළහ.

තමාලී පතිරාජ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required