මොකක්ද මේ සාමයේ පාලම කියලා හඳුන්වන්නේ, ඒ තමයි ලංකාවේ ජනප්‍රියම පාලම් වලින් එකක් වන යාපනයේ - කිලිනොච්චිය දිස්ත්‍රික් මායිම් වල පිහිටා ඇති සංගුපිඩ්ඩි පාලමයි. මෙය පිහිටා ඇත්තේ කිලාලි කලපුවට උඩින් නිර්මාණය කර ඇති A32 මාර්ගය හරහා ය.
ශ්‍රී ලංකාවේ යාපනයේ කරෙයිතිව් සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ සංගුපිඩ්ඩි යා වෙලා නිර්මාණය වී ඇති මෙම පාලම සාමයේ පාලම ලෙස හඳුන්වා තිබේ.නොගැඹුරු කිලාලි කලපුව හරහා මෙකී පාලම ගමන් කරයි.මේ හරහා යාපනය සුළං විදුලි බලාගාරයේ සිට අලිමංකඩ දක්වා වපසරියක ප්‍රමාණයක් අවට නිරීක්ෂණය කර ගැනීමට අවකාශය ළඟා වෙයි.යුද සමය වන විට ජැටියක් ආකාරයෙන් පැවතුනද, දැඩිව යුද ගැටුම් පැවතුණ ප්‍රදේශයක් වශයෙන් හඳුනා ගැනීමට හැකියි.
ඉතිහාසය
ශ්‍රී ලංකාවේ යාපනයේ පිහිටා ඇති සංගුපිඩ්ඩි පාලම කලාපයේ සංවර්ධනය හා බැඳුණු සැලකිය යුතු ඉතිහාසයක් ඇත. මෙය 20 වන සියවසේ මුල් භාගයේදී ඉදිකරන ලදී.
1932 දී බ්‍රිතාන්‍යයන් විසින් මෙහි පාලමක් ඉදිකිරීමට උත්සාහ කළද මෙහි පදිංචි වී සිටි ධීවර ජනතාව, ලුණු කර්මාන්ත ජනතාව විසින් එයට දැඩි විරෝධයක් එල්ල කළහ.ඒ හේතුවෙන් මෙහි පාලමක් ඉදිකිරීමේ තීරණය හකුලා ගැනීමට බ්‍රිතාන්‍යයන්ට සිදු වූ බව සඳහන් වේ.යුද්ධ කාලයේදී ජැටියක් ලෙස හමුදාවට අවශ්‍ය සැපයුම් මාධ්‍යයක් ලෙස පවත්වාගෙන ගොස් තිබේ.2009 වසරේදී යුද්ධය අවසන් වීමෙන් පසුව සංගුපිඩ්ඩි පාලමේ වැඩකටයුතු ආරම්භ කරන ලදී. මෙම පාලම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලසීමාවේදී ඉදිකිරීම් ආරම්භ කොට, 2011 වසරේ දී එතුමා අතින් මහජන අයිතියට පත් කළේය.
එහෙත් සංගුපිඩ්ඩි පාලම සම්බන්ධව රසවත් කටකතා නොපවතිනවාත් නොවේ. මේ පාලම ඉදිකර ඇත්තේ පානදුර නගරයට ඉදිකිරීමට සැලසුම් කර තිබූ ගුවන් පාලම බවට ඇතැම්හු පවසති.මෙය සත්‍යය හෝ අසත්‍ය වුවද පානදුර නගරයට තවමත් ගුවන් පාලමක් හිමිවී නැත.සංගුපිඩ්ඩි පාලම නිර්මාණය කරලීම සඳහා රුපියල් බිලියනයකට වැඩි මුදලක් වියදම් කෙරිණි. කීර්තිමත් ශ්‍රී ලාංකික සමාගමක් වන Access Engineering විසින් මෙම ව්‍යාපෘතිය සිදු කරන ලදී . 2011 ජනවාරි 16 වන දින පාලම විධිමත් ලෙස විවෘත කිරීම සිදු විය.
පාලමේ ව්‍යුහය
සංගුපිඩ්ඩි පාලම මානව නවෝත්පාදනය පිළිබඳ අභිමානවත් සාක්ෂියක් එක් කරයි.කලපුව හරහා විහිදෙන මෙම මන්තීරු දෙකේ පාලම දිගින් මීටර් 288 සහ පළලෙන් මීටර 7.35 ක් වේ. පාලම වානේ වටකුරු ව්‍යුහයකින් සහ පෙර වානේ තට්ටුවකින් සමන්විත අතර සියල්ලම ශක්තිමත් අත්තිවාරම් හා ශක්තිමත් සිමෙන්ති කොන්ක්‍රීට් ව්‍යුහයකින් සමන්විත වේ.
වැදගත් සම්බන්ධතා
සංගුපිඩ්ඩි පාලම සැකසීමට පෙර යාපනය අර්ධද්වීපය ගොඩබිම හා සම්බන්ධ කරන එකම මාර්ගය පිහිටා තිබුනේ අලිමංකඩ හරහාය. මෙම පාලම හඳුන්වාදීම සම්බන්ධතාවය විප්ලවීය වෙනසක් ඇතිකළ අතර, දකුණු ශ්‍රී ලංකාව සහ යාපනය අතර ගමන් දුර කිලෝමීටර් 110 ක් (සැතපුම් 68) හෝ පැය තුනකින් සැලකිය යුතු ලෙස අඩු කළේ ය.පාලම එහි ඉංජිනේරු විද්‍යාව සඳහා පමණක් නොව දේශීය ආර්ථිකය පුනර්ජීවනය කිරීමේ සහ පශ්චාත් යුධ සමය ශ්‍රී ලංකාවේ සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීමේ කාර්යභාරය සඳහා වැදගත් විය. මෙම ව්‍යාපෘතිය මගින් ප්‍රවාහනය වැඩිදියුණු කිරීම සහ ප්‍රාදේශීය ආර්ථිකයන් නංවාලීම, කලාපීය සම්බන්ධතාවය වර්ධනය කිරීම අරමුණු කර ගෙන තිබේ.
වර්තමාන පසුබිම
මීට වසර 13 කට පමණ ඉදිකළ සංගුපිඩ්ඩි පාලම වර්තමානය වන විට දී බරවාහන ගමන් කිරීම තහනමට ලක් කර තිබේ.මීට දින කිහිපයකට පෙර පාලමේ දුර්වල නඩත්තුව හා දුර්වල ගුණාත්මක බව හමුවේ මාර්ග සංවර්ධන අධිකාරියේ (RDA) ප්‍රාදේශීය කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කිරීම හරහා මේ බව දන්වා තිබේ.පාලමේ තට්ටුවේ තහඩු විඛාදනයට ලක් වීම හේතුවෙන් මහජන ආරක්‍ෂාව සහතික කිරීම සඳහා මෙම තීරණය ගෙන ඇත. සංගුපිඩ්ඩි පාලමේ ඉදිකිරීම් බාල බව උතුරේ ජනතාව පවසන අතරම, වර්තමානයේ නඩත්තු කටයුතු ඔස්සේ ද එවැනි අක්‍රමිකතාවක් සිදුවේ දැයි ඔවුන් සැක පළ කරති.මෙම පාලම උතුරුකරේ මිත්‍රත්වයේ පාලම ලෙසද හැඳින්විය හැකිය.
තමාලී පතිරාජ.