
බලංගොඩ නගරයේ සී.සී. දෙමළ මහා විද්‍යාලයේ ළමුන් 22ක් හදිසියේ ඇති වූ සංකූලතා තත්ත්වයක් හේතුවෙන් බලංගොඩ මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මෙම පාසලේ ගැහැණු ළමුන් කිහිප දෙනෙකු යම් රසායනික ද්‍රාවණයක් අද (25) පෙරවරුවේ යොදා කාන්තා වැසිකිළිය පිරිසිදු කර තිබෙනවා.
අනතුරුව එම ළමුන් සහ එම වැසිකිළියට පැමිණි තවත් ළමුන් පිරිසක් යම් රෝගී තත්ත්වයකට පත්වීම හේතුවෙන් රෝහල්ගත කර ඇති බවයි සදහන් වන්නේ.