දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල ගණන් කැපී පෙනෙන ලෙස පහත වැටී තිබෙනවා.
ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයින් පෙන්වා දෙන්නේ මේ දිනවල වැඩි වශයෙන් එළවළු තොග ලැබුණද ඒවා මිලදී ගැනීම සඳහා වෙළෙඳුන්ගේ පැමිණීම අඩු වී ඇති බවයි.
එළවළු අලෙවි නොවී දින ගණන් තිබී විනාශ වන නිසාත් එළවළු ප්‍රවාහනය සහ අනෙකුත් වියදම් අධික වීම නිසා ජනතාවට අඩු මුදලකට එළවළු ලබාදීමට නොහැකි බව ව්‍යාපාරිකයින් තවදුරටත් පෙන්වා දෙනවා.
අමු මිරිස් ,වම්බටු , තක්කාලි, කැකිරි ආදී එළවළු වර්ග සහ කන්ද උඩරට ප්‍රදේශවලින් ලැබෙන කැරට්, ලීක්ස්, ගෝවා බොහොමයක් රුපියල් 50ත්, 100ත් අතර මිලකට අලෙවි වන බවයි වාර්තා වන්නේ.