
මාතර - පාලටුව ප්‍රදේශයේදී රිවෝල්වර් වර්ගයේ ගිනිඅවි නිෂ්පාදනය කළ ස්ථානයන් පොලීසිය සොයාගෙන තිබෙනවා.
මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීම සිදුකර ඇති අතර, එහිදී මෙරට නිෂ්පාදිත ගිනිඅවියක්, මිලිමීටර් 09 වර්ගයේ පතරොම් 05ක්, වෙල්ඩින් ප්ලාන්ට් 01ක් සහ උපකරණ සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
63 හැවිරිදි පාලටුව - මාලිම්බඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී නිපදවූ ගිනිඅවි 02ක් මුදලට අලෙවි කර ඇති අතර, ඒ අනුව අහංගම ප්‍රදේශයේදී විකුණන ලද ගිනිඅවි 02 සමග අවි මුදලට ගත් සැකකරුවන් දෙදෙනාද මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගනු ලැබුවා.