මෙම වසරේ තුන්වැනි කාර්තුවට අදාළ විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධ යෝජනාව විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත භාරදී තිබෙනවා.
දෙසැම්බර් මාසයේදී සියලු අංශ සඳහා 6%ට මධ්‍යස්ථ අගයකින් විදුලි ගාස්තු සංශෝධනය වියහැකි බව මහජන උපයෝගීතා කොමිසම විසින් පවසා තිබෙනවා.
ඒ අනුව දෙසැම්බර් මාසයේ විදුලි ගාස්තු සංශෝධනය කිරීමට අදාළ යෝජනාව විදුලි බල මණ්ඩලය විසින් මේ වනවිට මහජන උපයෝගීතා කොමිසම වෙත යොමුකර තිබෙන බව සඳහන්.
මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කර ඇත්තේ 4%ත් 11%ත් අතර අගයකින් විදුලි ගාස්තු පහත දැමීමට යෝජනා කර ඇති බවයි.
අදාළ යෝජනා මේ වනවිට අධ්‍යයනය කරමින් සිටින බවත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් සංශෝධන සිදුකිරීමට අවශ්‍ය නම් එම යෝජනා නැවත එළැඹෙන සඳුදා විදුලිබල මණ්ඩලය වෙත යොමු කරන බව වැඩිදුරටත් සඳහන්.