/
/
title icon ඊශ්‍රායලය දියත් කළ ප්‍රහාරවලින් පසු ඇමරිකාවෙන් ඉරානයට අනතුරු ඇඟවීමක්
ඊශ්‍රායලය දියත් කළ ප්‍රහාරවලින් පසු ඇමරිකාවෙන් ඉරානයට අනතුරු ඇඟවීමක්
Kavindi Yaggahavit
3 weeks ago
Share:
ඊශ්‍රායලය දියත් කළ ප්‍රහාරවලින් පසු ඇමරිකාවෙන් ඉරානයට අනතුරු ඇඟවීමක්

ඔක්තෝබර් 01 වනදා ඉරානය විසින් ඊශ්‍රායලය ඉලක්ක කරමින් එල්ල කළ මිසයිල ප්‍රහාර මාලාවට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය අද දින ඉරානයේ හමුදා මූලස්ථාන ඉලක්ක කරමින් ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

කෙසේ වුවද ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරානයට සිදුවී ඇති හානිය මෙතෙක් වාර්තා වී නොමැති බව පැවසේ.

ඉරාන ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලය ඉරානයට ප්‍රතිප්‍රහාර එල්ල කරන ආකාරය සැලසුම් කරමින් සිටින බව ගෙවුණු සති කිහිපයේ දී ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඉරානය මෙන්ම ඉරාකයත් සිය ගුවන් කලාපය නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට පියවර ගෙන ඇති බව සඳහන්.

ඊශ්‍රායලය මෙලෙස ඉරානයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් අමෙරිකාව මෙන්ම බ්‍රිතාන්‍යය පවසා තිබෙන්නේ ඊශ්‍රායලයට සිය ආරක්ෂාව තහවුරු කරගැනීමේ අයිතිය පවතින බවය.

කෙසේ වුවද ඊශ්‍රායලයට නැවත ප්‍රහාර එල්ල නොකරන ලෙසට අමෙරිකාව ඉරානයට අවධාරණය කර තිබෙන බව වැඩිදුරටත් සඳහන්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required