ඉරානයේ තෝරාගත් හමුදා ඉලක්ක කිහිපයක් වෙත ඊශ්‍රායලය විසින් අද දින අළුයම ගුවන් ප්‍රහාර එල්ලකළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඉරානය විසින් ඉකුත් ඔක්තෝබර් 1 වැනිදා එල්ල කළ බැලස්ටික් මිසයිල ප්‍රහාර 200කට ආසන්න ප්‍රහාරය ඇතුළුව, ඉරාන පාලනය මාස කිහිපයක සිට තමන්ට එරෙහිව සිදුකරන අඛණ්ඩ ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වමින් මෙම ප්‍රහාරය දියත්කළ බව ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසා තිබෙනවා.
බී.බී.සී. පුවත් සේවය ද වාර්තා කර සිටින්නේ ඉරාන රාජ්‍ය මාධ්‍ය විසින් මීට ස්වල්ප වේලාවකට පෙර ඝෝෂාකාරී පිපිරීම් කිහිපයක් පිළිබඳ වාර්තා කළ බවයි.
විශේෂයෙන් ඉරාන අගනුවරට බටහිර සහ නිරිත දෙසින් පිහිටි හමුදා කඳවුරු ඉලක්ක කර මෙම ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බව සඳහන්ය.
ඉරානයට අමතරව සිරියාවේ ද මධ්‍යම සහ දකුණු ප්‍රදේශවල ඇතැම් හමුදා කඳවුරු ඉලක්ක කර ඊශ්‍රායලය විසින් ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බව සිරියානු රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය පවසා ඇති බව සඳහන්.