
මෙම වසරේ තුන්වැනි කාර්තුවට අදාළ විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධ යෝජනාව විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත භාරදී තිබෙනවා.
දෙසැම්බර් මාසයේදී සියලු අංශ සඳහා 6%ට මධ්‍යස්ථ අගයකින් විදුලි ගාස්තු සංශෝධනය කෙරෙනු ඇතැයි මහජන උපයෝගීතා කොමිසම විශ්වාසය පළ කරනවා.
වසරේ සෑම කාර්තුවකම විදුලි ගාස්තු සංශෝධනය කෙරෙන අතර, ඒ අනුව දෙසැම්බර් මාසයේ විදුලි ගාස්තු සංශෝධනය කිරීමට අදාළ යෝජනාව විදුලි බල මණ්ඩලය විසින් මේ වනවිට මහජන උපයෝගීතා කොමිසම වෙත යොමුකර තිබෙනවා.
මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කළේ 4%ත්, 11%ත් අතර අගයකින් විදුලි ගාස්තු පහත දැමීමට යෝජනා කර ඇති බවයි.
එය සෑම අංශයකටම 6%ක මධ්‍යස්ථ අගයක් වනු ඇති.