/
/
title icon භාවිතයට නොගන්නා කැබ් රථ ගැන තීරණයක්
භාවිතයට නොගන්නා කැබ් රථ ගැන තීරණයක්
Kavindi Yaggahavit
3 weeks ago
Share:
භාවිතයට නොගන්නා කැබ් රථ ගැන තීරණයක්

අලි - මිනිස් ගැටුම කළමනාකරණය කිරීම වෙනුවෙන් වනජීවි කාර්යාල සඳහා අමාත්‍යංශවල භාවිතයට නොගන්නා කැබ් රථ ලබාදීමට අවධානය යොමුවී ඇතැයි පරිසර, වනජීවි, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය පවසා තිබෙනවා.

පසුගියදා අමාත්‍ය විජිත හේරත් මහතා සහ නිලධාරීන් අතර පැවැති සාකච්ඡාවේදී ඒ පිළිබඳව අවධානය යොමු වූ බව පැවසේ.

වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඇතැම් ප්‍රාදේශීය කාර්යාල සඳහා රැහැන් සහිත දුරකතන සබඳතා නොමැති බැවින් පුද්ගලික සමාගමක් සමග එක්ව ගම්මාන හා කාර්යාල අතර එක්ව සන්නිවේදනය ශක්තිමත් කිරීමට ද එම සාකච්ඡාවේදී අවධානය යොමුවී ති‌බෙනවා.

එම තීරණ කඩිනමින් ක්‍රියාවේ යොදවා අලි - මිනිස් ගැටුමට කෙටි කාලීන විසඳුම් ලබාදීමට පුළුල් වැඩපිළිවෙළකට අමතරව දිගු කාලින විසඳුමක අවශ්‍යතාවය අවධාරණය කරමින් අමාත්‍ය විජිත හේරත් මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව වැඩිදුරටත් සඳහන්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required