සභිකයන් 29 දෙනෙකු තෝරාපත්කර ගැනීම සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 08ක් සහ ස්වාධීන කණ්ඩායමක් තරගවදින ඇල්පිටිය පළාත් පාලන ඡන්ද විමසීම අද දින පෙ.ව. 7.00ට ආරම්භ වී තිබෙනවා.
ඡන්ද මධ්‍යස්ථාන 48කදී ඡන්ද දායකයින් 55,643 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති බව සඳහන්.
පෙරවරු 7 සිට පස්වරු 4 දක්වා කාලය තුළ ඡන්ද විමසීම පැවැත්වීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ .එල් රත්නායක මහතා සඳහන් කර ඇත.
මේ අතර මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්රකා තැපැල් දෙපාර්තමේන්තුව වෙත භාරදීම අද සිදුකිරීමට නියමිත අතර, තැපැල් ඡන්ද සලකුණු කිරීම ඔක්තෝබර් මස 30 වනදා සහ නොවැම්බර් මස 4 වනදා සිදුකිරීමට නියමිත බවද වැඩිදුරටත් සඳහන්.