මලයාසියාවේ සිට අයිස් මත්ද්‍රව්‍ය රැගෙන දිවයිනට පැමිණි ගුවන් මගියෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ ගුවන්තොටුපොල ඒකකයේ නිලධාරී කණ්ඩායමක් විසින් බව පැවසේ.
ඔහු සතුව තිබී සොයාගෙන ඇති මත්ද්‍රව්‍ය ප්‍රමාණය, කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 26 ක් වන අතර සැකකරු ගොතටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය සඳහන් කර තිබෙනවා.
සැකකරු රැගෙන යාම සඳහා ගුවන්තොටුපොලට පැමිණි දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඊට ආධාර අනුබල දීමේ චෝදනා මත වන බව වැඩිදුරටත් සඳහන්.