මෙරට මුහුදු සීමාවන් උල්ලංඝනය කරමින් ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු ඇතුළුව ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
ඒ අද දින යාපනය පේදුරුතුඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී බව පැවසේ.
නාවික හමුදා භාරයට ගත් ධීවරයන් සහ යාත්‍රාව කන්කසන්තුරය වරාය වෙත රැගෙන විත් ඇති අතර ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, මයිලඩි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දී තිබෙන බව සඳහන්.