පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු අද දිනයේ සිට ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසා තිබෙනවා.
ඒ අනුව නොවැම්බර් මස 07 වනදා දක්වා නිවෙස් වෙත ගොස් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ කටයුතු සිදුකරන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසා තිබෙනවා.
කොළඹ දිස්ත්‍රික්කයේ ගෘහ දැන්වීම් පත්‍රිකා මෙතෙක් ලැබී නොමැති බැවින් අද දින එම දිස්ත්‍රික්කයේ බෙදාහැරීම් සිදු නොවන බවත් තැපැල්පතිවරයා පවසා ඇති බව සදහන්.
එලැඹෙන නොවැම්බර් 03 වැනි ඉරිදා දින විශේෂ බෙදීම් දිනයක් ලෙස නම් කර පෙරවරු 8 සිට පස්වරු 6 දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමට පියවර ගන්නා බවද තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසා තිබෙනවා.