/
/
title icon ආගමික සිද්ධස්ථාන සියල්ලටම සූර්ය පැනල සවිකිරීමට තීරණයක්
ආගමික සිද්ධස්ථාන සියල්ලටම සූර්ය පැනල සවිකිරීමට තීරණයක්
Wasana Wickramasingha
3 weeks ago
Share:
ආගමික සිද්ධස්ථාන සියල්ලටම සූර්ය පැනල සවිකිරීමට තීරණයක්

බලශක්ති අමාත්‍යංශයේ මෙහෙයවීමෙන්, ලංකා විදුලි බල මණ්ඩලය හා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය එක්ව දිවයින පුරා සර්ව ආගමික සිද්ධස්ථාන ආවරණය වන පරිදි සූර්ය බල ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය මඟින් දිවයින පුරා විසිරි පවතින පන්සල්, පිරිවෙන්, දේවස්ථාන, මුස්ලිම් පල්ලි හා හින්දු කෝවිල් යනාදී සියලුම සර්ව ආගමික සිද්ධස්ථාන ආවරණය කිරීමට බලාපොරොත්තු වෙනවා.

මෙහි පළමු අදියර යටතේ 2025 වසරේ මුල්භාගය වන විට ආගමික සිද්ධස්ථාන 5000 ක් ආවරණය කිරීමට අපේක්ෂා කරන අතර එම ආගමික සිද්ධස්ථානයන්හි පියසි මත මෙම කිලෝවොට් පහක (5 kw) ධාරිතාවයක් සහිත සූර්ය පැනල කට්ටල සවි කෙරෙනවා.

මෙමඟින් ආගමික සිද්ධස්ථානවල විදුලි බිල අවම කිරීමට කටයුතු කරන අතර  සිද්ධස්ථානයේ විදුලි පරිභෝජනයෙන් පසු ඉතිරි වන විදුලි ඒකක ප්‍රමාණය ජාතික විදුලි බල පද්ධතියට එකතු කිරීමට නියමිතයි.

මූලික අදියර යටතේ ස්ථාපිත කිරීමට නියමිත මෙම සූර්ය විදුලි බල පද්ධති පන්දහස තුලින් මාසිකව එක් සූර්ය විදුලි පැනල පද්ධතියකින් විදුලි ඒකක 400-600 අතර ඒකක ප්‍රමාණයක් ජනනය කිරීමට සැලසුම් කර තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required