ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණි , එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපලේදී අද පස්වරුවේ හදිසි පරීක්ෂාවකට ලක් කර තිබෙනවා.
ඒ අදාළ ගුවන් යානයේ බෝම්බයක් ඇති බවට ලද තොරතුරකට අනුවයි .
මෙම අවස්ථාවේ යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් අට දෙනෙකු සහ මගීන් එකසිය අට දෙනෙකු සිට තිබෙනවා.
කෙසේ වෙතත්, අදාළ පරීක්ෂාවෙන් කිසිදු යමක් සොයා ගැනීමට හැකි වී නැති බවයි වාර්තා වන්නේ.
මීට පෙර අවස්ථා කිහිපයකදීම මෙලෙස ඉන්දියානු ගුවන් සමාගම්වලට අයත් ගුවන් යානා , බෝම්බ තර්ජන හේතුවෙන් කටුනායක ගුවන් තොටුපලට හදිසියේ ගොඩබස්වා පරීක්ෂා කිරීම් සිදුකර තිබෙනවා.